ඉස්කෝලේ යන කාලේ අපේ සෙට් එකම කලේ පිස්සු නටපු එක. අපි 2003 වල OL කලේ. කුරුණෑගල ටවුන් එකේ ක්ලාස් ආවම ගොඩක් වෙලාවට කරන්නේ රස්තියාදුව තමයි. හැබැයි ඉතින් ඉගෙනගන්න එකත් කරගෙන ගියා. දවසක් අපි ටවුන් එකේ ඇවිදගෙන ගියේ දවසේ ක්ලාස් පටන් ගන්න ටිකක් වෙලා තිබුණු නිසයි.
